Gossips

මධ්‍යම පළාතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක ගැටලූවක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින මධ්‍යම පළාතේ සිසු සිසුවියන්ට අද ලබාදුන් පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම හේතුවෙන් විභාග අපේක්ෂකයින් අසීරුතාවයට පත්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලූ පාසල් වල මෙම පෙරහුරු විභාගය පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, එම ප්‍රශ්න පත්‍ර සමග ප්‍රශ්න පත්‍රයේ සංශෝධන සහිතව, වෙනම ලිපියක් ද විදුහල්පතිවරුන්ට එවා තිබීම විශේෂත්වයක්.
එහි සදහන් සංශෝධන සදහා අපේක්ෂකයින්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී නොමැති බවට ද චෝදනා එල්ල වනවා.
අදාළ ප්‍රශ්න පත්‍රයේ 18 වන ප්‍රශ්නය සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අත් අකුරින් ලියා එවා ඇති සංශෝධනය මගින් පෙන්වා දෙන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම අවශ්‍ය නොවන බවයි.
ප්‍රශ්න පත්‍රවල සංශෝධන කියා දීම සදහා කොපමණ කාලයක් වැය කරන්නේ ද යන්න ප්‍රශ්න පත්‍රවල සදහන් නොකිරිම ද විශේෂත්වයක්.
මධ්‍යම පළාතේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන් මුහුණදුන් මෙම ගැටලූව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායකගෙන්ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.