Gossips

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට නව තනතුරක්

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව ඔහු වත්මන් මහකොමසාරිස්වරිය වන චිත්‍රාංගනී වාගිෂ්වරගෙන් පසු ඉන්දියාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් වනු ඇති.
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූයේ මේ මස ආරම්භයේ සිටයි.
කෙසේ නමුත්, ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔහුගේ පත්වීම පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු පිළිබද කාරක සභාව මගින් අනුමත කළ යුතු වනවා.
ඒ අනුවයි ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස පත් කරන දිනය ප්‍රකාශ කෙරෙනු ඇත්තේ.
ජනාධිපති ලේකම් ධුරයට පත්වීමට පෙර ඔහු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම ජනාධිපති උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.