Gossips

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අලූත්ගම – දර්ගා නගරයේ පතහාජියාර් මාවතේ ත්‍රිරෝද රථ ගාලක් තුළ ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති වී ඇති අතර පහරකෑමට පත්වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අලූත්ගම – සීනිවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
පහරදීමට සම්බන්ධ 49 හැවිරිදි සැකකරු අලූත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.