Gossips

අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයන පාලකවරයා රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැලිගම ප්‍රදේශයේදී් අදාළ නිලධාරියා ඊයේ අත්අඩංගුවට ගනු ලැබූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින්.
වසර 10ක් පමණ පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මොහු අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ.