Gossips

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර

ගාසා තීරය සීමාවේදී ඊශ්‍රායල සෙබලෙකු පලස්තීන වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.
එමගින් පලස්තීනුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඉන් 3 දෙනෙකු හමාස් සංවිධානයේ සාමාජිකයන් බව සඳහන්.
ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර, පසුගිය කාලය තුළ ගැටුම් උත්සන්න වූ අතර, කලාපයේ තවත් පුළුල් යුද්ධයක් හට ගනු ඇති බවට ආරක්ෂක විචාරකයන් අනතුරු අගවනවා.
පසුගිය මාර්තු 30 වන දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 149ක්.