Gossips

ජපුර සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඇති ගැටළු රැසක් පිළිබදව සාකච්ඡාවක් ලබාගැනීම සදහා අද එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියා.
එහිදී ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට බලධාරීන් අකමැත්ත පල කිරීමත් සමග පොලීසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ආරම්භකර වසර එකහමාරක් ගතවුවද එම පීඨයට අදාලව ආචාර්යවරුල දේශන ශාලාල විද්‍යාගාර හා පුස්තකාල නොමැතිවීම යන ගැටලු පිළිබදව සාකච්ඡාවක් ලබාගැනීම සදහා එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාව වෙත පැමිණියා.
මෙම පාගමන සදහා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ ශිෂ්‍යයන්ද සහභාගී වුණා.
සිසුන් විරෝධතා පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට පැමිණෙන විටත් කොමිෂමේ ප්‍රධාන ගේට්ටුව යකඩ බට හරස් කොට අගුළුලා තිබුණා.
සිසුන් තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාකිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කලද ඔවුන් ශිෂ්‍යයන් සමග සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළේ නැහැ.