Gossips

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව රිමාන්ඩ්

හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව්වකට අනුව ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස බත්තරමුල්ල – සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.