Gossips

ශ්‍රී ලංකා පිළේ දඟයාට වසරක අත්හිටවූ තරඟ තහනමක්

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟ සංචාරය අතරතුර විනය විරෝධී හැසිරීම සම්බන්දයෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට දඬුවම් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ අනුව වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% දඩයක් පනවා ඇති අතර වසරක අත්හිටවූ තරඟ තහනමක්ද පනවා තිබෙනවා.
මේ අනුව ඔහු වසරක් ඇතුළත තවත් මෙවැනි වරදකට වැරදිකරු වුවහොත් ඔහුට වසරක තරඟ තහනමක් පැනවනු ඇති.