ඇත් දළ කැබලි සහ කොටි දත් අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු සෙල්ලකතරගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි අද මෙම වැටලීම සිදුකර තිබුනේ.
සැකකරු සතුව තිබී ඇත් දළ කැබලි 8 ක්, කොටි දත් දෙකක් සහ නිය 3 ක් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා සෙල්ලකතරගම ගෝතමීගම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ඇත් දළ කැබලි සහ කොටි නිය රුපියල් 50000 ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබී ඇති අතර පොලිසි උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකර තිබුනා.
වැඩිදුර විමර්ශණ සඳහා සැකකරු කතරගම පොලිසියට භාරදී ඇති අතර ඔහු තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.