Gossips

‘‘හිරුට විස්සයි – තෑගි වැස්සයි’’- තුන්වන ට්‍රක් රථය මාතලේට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තුන්වන ට්‍රක් රථය මාතලේ – අල්වත්ත – කෙසෙල්වත්තේ පදිංචි නදීර රේණුක අද ජයග්‍රහණය කළා.
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ සතිපතා මෙම වැඩසටහන යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.
එහි පළමු වාසනාවන්තයා ඇඹිලිපිටිය – ඕමල්පේ – ගොඩවෙලින් බිහිවුණා.
අතුරුගිරියේ පදිංචි වර්ණ සංජීව දෙවන ට්‍රක් රථය හිමිකර ගත්තා.
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට සවන් දෙන සැමට සතිපතා මෙලෙස ට්‍රක් රථ තිළිණ කිරීමට අප සූදානම්.