Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු තවත් සැකකරුවන් 10 දෙනෙකුට පසුගිය 9 වනදා අධිකරණය විසින් ඇප නියම කළා.