ඉන්දීය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට සහය දැක්වීමට තමිල්නාඩු පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය තීරණය කර තිබෙනවා.
තමිල්නාඩු මහඇමති කේ.පලනිස්වාමි ඒ සම්බන්ධයෙන් ඉන්දීය ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය මන්ත්‍රීවරුන් 37 දෙනා දැනුවත් කර ඇති බව සඳහන්.
මෝදි රජයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇත්තේ තමිල්නාඩුවට යාබද ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලූ මුල් කරගනිමින්.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වනවිට ආරම්භ වී ඇති අතර, ඒ සමඟම ඇතැම් පක්ෂ ලෝක් සභාවෙන් නික්මී ඇති බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය මෝදි අපේක්ෂා කරන්නේ මෙම විශ්වාසභංගය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමටයි. කෙසේ නමුත්, ඡන්ද විමසීමට පෙර විවාදය පැය 7 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති.