Gossips

අසුපිනි ඇල්ලෙන් වැටී මියගිය තරුණයාගේ අවසන් කරයුතු සිදුකෙරේ (ඡායාරූප)

අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් රැස්කගේ සහභාගිත්වයෙන් ඊයේ (19) සිදුකෙරුණා.
ඒ ඔහු පදිංචිව සිටි අරණායක, කලවාන ප්‍රදේශයේදීයි.
අසුපිනි ඇල්ලෙන් වැටී අතුරුදන්වූ ධම්මික සම්පත් කුරුවිටගේ නමැති මෙම තරුණයාගේ සිරුර දින කිහිපයකට පසු පසුගිය 17 වනදා සොයාගනු ලැබුවේ පොලිසිය ප්‍රදේශවාසීන් සහ නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් එක්ව කළ මෙහෙයුමකින් පසුවයි.
පසුගිය 14 වනදා පස්වරුවේ මොහු තවත් මිතුරන් කිහිපදෙනක් සමඟ දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඡායාරුපයක් ලබාගැනීමට යාමේදී ලිස්සා ගොස් ඉන් ඇද වැටී අතුරුදන්ව තිබුණා.
ප්‍රදේශවාසීන් පැවසුවේ මීට පෙර මෙම දිය ඇල්ලෙන් ඇද වැටී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.
එමෙන්ම ඇල්ලෙන් පහළට වැටුණු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජලය ආවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට වැටෙන් අතර එහිදී සිරුර සොයා ගැනීමට හැකිවන්නේ දින කිහිපයක් ගතවීමන් අනතුරුව බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
ඊට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහය ලැබුන ද ඇල්ලට වැටුණු පුද්ගලයන් සියලුදෙනාගේම සිරුරු ගොඩගෙන ඇත්තේ ප්‍රදේශයේ ජීවත්වන 74 හැවිරිදි පුද්ගලයෙක් විසින්.