Gossips

හංවැල්ල කම්පා කරවමින් පුස්‌සැල්ඔයෙන් මතුවූ අභිරහස් මල සිරුරේ සුලමුල

හංවැල්ල පුස්‌සැල්ඔයේ පාවෙමින් තිබී හමුවූ පිරිමි පුද්ගලයාගේ මල සිරුර සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව තම අනියම් සැමියා සමඟ එක්ව සිය සැමියා ඝාතනය කර පුස්‌සැල්ඔයට දමා ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල, ජයවීරගොඩ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා සහ තමන් අතර නිතර ආරවුල් ඇතිවන බවයි.
මේ හේතුවෙන් අනියම් සැමියා සමඟ එක්ව මෙම ඝාතනය කළ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.
පසුගිය 27 වැනිදා හංවැල්ල පුස්‌සැල්ඔයේ පිරිමි මළ සිරුරක්‌ පාවෙමින් තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සිරුර සොයාගනු ලැබුවා.
පසුව සිය පුත්‍රයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ මවගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.
26 වනදා මියගිය පුද්ගලයා විසින් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ 27 වනදින තම නිවසට පැමිණෙන බව පැවසූ බවයි.
පොලිස් පරීක්ෂනවලදී මියගිය පුද්ගලයාගේ 8 හැවිරිදි දියණිය ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ දින රාත්‍රියේදී මව සහ පියා අතර ආරවුලක් ඇතිවූ බවයි.
එහිදී මව සහ පියා එකිනෙකාට පහරදුන් බවද එම දියණිය සඳහන් කර තිබෙනවා.
පසුව තමන් නිදාගත් බවද අලුයම නැවත ගැටුමක් ඇතිවූ බවත් එහිදී තමන් අවදිවී බලනවිට සිය මවගේ අතෙහි පොල්ලක් තිබූ බවත් දියණිය ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව මව සහ අනෙක් පිරිමි පුද්ගලයා තම පියා ත්‍රිරෝද රථයක දමාගෙන රැගෙනගිය බවයි එම දියණිය සඳහන් කර ඇත්තේ.
ඉන් අනතුරුව මොවුන් අදාළ මළසිරුර ඇල මාර්ගයට දමා ගොස් තිබෙනවා.
පසුව අදාළ බිරිඳ සහ සැකකාර අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.