Gossips

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදුකළ සංචාරය නිමා කරමින් අද උදෑසන යළි දිවයිනට පැමිණියා.
පෙරවරු 9 යි 45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවති 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට මෙන්ම, ජෝර්ජියාවේ ටිබිලිසි නුවර පැවති විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට ද එක්වුණා.