Gossips

ත්‍රිපුද්ගල ඝාතන සිද්ධියකට, මරණ දඬුවම

ටී.56 ගිනි අවියකින් වෙඩි තබා තරුණයින් තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම ලබාදුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.
2006 වසරේ නොවැම්බර් මාසයේදී සැකකරු විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මෙම පුද්ගල ඝාතන සිදුකර තිබුණා.