Gossips

ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය

ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝලනාත්මක ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත්කරන බවත් තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි අද (20) කඩා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවා.
ගාල්ලේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුණ රණතුංගද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක උරුමයද ආරක්ෂා කර ගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පවත්වා ගත යුුතු බවයි.