Gossips

ඝණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් යාම ගැන පක්ෂ දෙකක අදහස්

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදය ඝණ පූර්ණයක් නොමැතිව කල් තැබීම සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් විමසීමක් කළා.
අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙවැනි කල් තැබීමේ යෝජනාවකදී අවසන් මොහොතේ ඝණ පූර්ණයක් පිළිබඳව විපක්ෂය විසින් ප්‍රශ්න කිරීම සදාචාර සම්පන්න නොවන බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ඝණ පූර්ණය රැක ගැනීම ආණ්ඩුවේ වගකීමක් බවයි.