Gossips

ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජ්‍යයක් බවට නීතියක්

ඊශ්‍රායලය යුදෙව් ජනකොටස සදහා වූ රාජ්‍යයක් බවට වන නීතියක් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කර ගැණුනා.
එහෙත් එමගින් වත්මන් ඊශ්‍රායලයේ සිටින අරාබි ජනකොටස නොසැලකිල්ලට භාජනය වනු ඇතැයි චෝදනා එල්ල වනවා.
මේ නිසා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අරාබි නියෝජිතයින් එය හැදින්වූයේ වර්ගවාදී සහ වර්ණභේදවාදී පියවරක් ලෙසයි.
නව නීතිය පිළිබදව කනස්සල්ල පළ කළ යුරෝපා සංගමය, සුළු ජාතිීන්ගේ අයිතීන් සුරකින ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා.
කෙසේ නමුත්, යුදෙව් ජනකොටස කෙරෙහි ප්‍රමුඛත්වයක් දැක්විය යුතු බවට සහ හීබෲ භාෂාව ජාතික භාෂාව ලෙස නම් කෙරුණු අදාළ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද 62 ට 55 ක් ලෙස වැඩි ඡන්ද 7 කින් සම්මත වුණා.