Gossips

මීගමුවේ ඩොල්ෆින් මසට විකුණන ජාවාරමක් පිළිබඳ තොරතුරු

ඩොල්ෆින් මසුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල මීගමුව ප්‍රදේශයෙන් අනාවරණය වනවා.
ඒ, ඩොල්ෆින් මසුන් 04 දෙනෙකු මරා අලෙවි කිරීමට සූදානමින් සිටි කරවල නිෂ්පාදකයෙකු මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
ඔහු කරවල නිෂ්පාදනයෙහි නිරතව සිටින පුද්ගලයෙකු වන අතර, එම නිෂ්පාදන අලෙවි කරන අතරතුර ඩොල්ෆින් මසුන් මරා ඉහළ මිලකට අලෙවි කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එම ඩොල්ෆින් මසුන් මුහුදු ඌරන්ගේ කරවල ලෙස සකස් කර අලෙවි කර ඇති බවටද තොරතුරු හෙලි වී තිබෙනවා.