Gossips

උසස් පෙළ අගෝස්තු 6 වනදා

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විභාග මධ්‍යස්ථාන 2,268 කදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමුකර තිබෙනවා.
එසේ නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පතේ අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙත පිවිසීමෙන්ද ලබාගත හැකියි.
මීට අමතරව 0112 – 78 42 08, 278 45 37 හෝ 011 318 83 50 යන දුරකතන අංක වෙත අමතා ප්‍රවේශපත්‍රය පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.