Gossips

හෙට්ටිපොළ පොලිසියට චෝදනාවක්

හෙට්ටිපොළ පොලීසියේ නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු චෝදනා කරනවා.
19 හැවිරිදි එම තරුණයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හලාවත මහ රෝහලේයි.
කනිෂ්ක බාලසූරිය නම් මෙම තරුණයා අදාළ සිද්ධියට මුහුණපා ඇත්තේ පසුගිය 10 වන දිනයි.
ඔහු සඳහන් කරන්නේ එදින තමන් පදවමින් සිටි රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැහැර ගත් බවත්, පොලිස් මාර්ග බාධකයකදී ඔවුන්ට රථය නවත්වන ලෙස නියෝග කළත් රථය නොනවත්වා ධාවනය කළ බවයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු රථය පසු පස හඹාවිත් තිබෙනවා.
මොහුගේ පියා 2000 වසරේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි පිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි අංශයේ කපිතාන්වරයෙක්.
ඔහුව සී.ටී පරීක්ෂණයක් සඳහා ජාතික රෝහළට යොමු කර ඇති අතර ඊයේ රාත්‍රියේ යලි ඔහුව හලාවත මහ රෝහලට රැගෙන ආවේ මෙලෙසයි.
මෙම තරුණයාගේ චෝදනාව සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙම තරුණයාව නීතිවිරොධී මධ්‍යසාර ප්‍රවාහනය සහ ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති බවයි.
එසේම උසාවි නියෝගයකට අනුව අදාළ තරුණයාව කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සිද්දිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.