Gossips

කොට්ටුකච්චියේදී ලොරියක් පෙරලීමෙන් 5 කට තුවාල (ඡායාරූප)

කොට්ටුකච්චිය මහකුඹුක්කඩවල මාර්ගයේදී ලොරියක් පෙරලී යාමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොට්ටුකච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.
අද දහවල් සිදුවු අනතුරින් තුවාල ලබා ඇත්තේ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
ලොරිය කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුර බලා ගමන් කරමින් තිබියදී ජලය ප්‍රවාහනය කරන බවුසරයකට මාර්ගය ඉඩ දීමට යාමේ දී අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබු එක් අයෙකුගේ තත්වය බරපතල බව සඳහන්.
අනතුර පිළිබඳ ආණමඩුව පොලිසිය විමර්ශණ සිදු කරනවා.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත