ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි හෙට කඩා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ගාල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුණ රණතුංගද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක උරුමයද ආරක්ෂා කර ගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පවත්වා ගත යුුතු බවයි.