Gossips

හම්බන්තොට චීනයට දුන් නිසා මත්තල ඉන්දියාවට දීම සාධාරණ නැහැ – ඩිලාන් පෙරේරා

ආණ්ඩුවල හම්බන්තොට වරාය චීනයට ලබාදුන් නිසාවෙන් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීම කිසිසේත්ම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර සංවර්ධන ව්‍යාපෘති ජනතාව අතරට ගෙනයාමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මහවැලි කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදියි.