Gossips

ඉදිරි දින කිහිපයේත් සුළගේ වේගය වැඩි වෙයි

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මෙම තත්වය ඉදිරි දිනවලදී තවදුරටත් පවතිනු ඇති බවටයි එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.
මේ අනුව දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.