Gossips

මැතිවරණ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධනයට බාධාවක් – දෙමළ සන්ධානය කියයි

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට බාධාවක් වියහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
එමෙන්ම මැතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට දෙමළ ජනතාව ලබාදී ඇති ප්‍රතිඵලය පිළිබඳව අනෙකුත් දේශපාලන පක්ෂ අවධානය යොමුකළ යුතු බවයි ඔහු කියා සිටියේ.
පෙරේදා පැවති මැතිවරණයේදී උතුර සහ නැගෙනහිර පලාත්පාලන ආයතන 38ක බලය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි වුණා.
කෙසේ වෙතත් මෙම ආයතනවල බලය පිහිටුවීමේදී තවත් දේශපාලන පක්ෂවල සහය ලබාගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට සිදුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ.