Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9 සිට පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව බේස්ලයින් පාරේ කැළණි පාලම මංසන්දියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ග මෙන්ම හෙට්ටිවීථිය සහ සියලූ අතුරුමාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.
එසේම කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටු වනවා.
මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය නිවේදනය කළා.