Gossips

අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්ට වසර 5 ක සිර දඬුවමක්

අකුරණ – හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඞ් හනීෆා මොහොමඩ් නියාස්ට බරපතල වැඩ සහිත වසර 5 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නියම කළා.
ඒ රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සහ ලබාගැනීම යන අධිචෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.
ඊට අමතරව මොහුට රුපියල් දස දහසක දඩයක් ද විනිසුරුවරයා නියම කර තිබෙනවා.
2012 වසරේ මැයි මස 16 වනදා අකුරණ ප්‍රදේශයේ ගල් කොරියක හිමිකරුවෙකුට පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබුණා.
ඒ අනුව අදාළ අල්ලස් මුදලද ව්‍යාපාරිකයා වෙත යළි ගෙවන ලෙසටයි විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේ.