Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.ටී.පී. හලන්ගොඩ, පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ලෙස මාරුකර යවා ඇති අතර, පුලස්තිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩබ්ලිව්. බණ්ඩාර ශ්‍රී දළඳා මාලිගාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බව සඳහන්.
මල්ලාවි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. රාජනායක කැළණිය කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා.