Gossips

කොළඹ ගණිකා නිවාස දෙකක් වටලයි

රාජගිරිය නාවල පාරේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් වැල්ලව, මීගමුව, පොළොන්නරුව සහ පදලංගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
වැලිකඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
මේ අතර දෙහිවල – කව්ඩාන පාරේ පවත්වාෙගෙන ගිය ගණිකා නිවාසයක්ද දෙහිවල පොලීසිය ඊයේ පස්වරුවේ වටලා තිබෙනවා.
එහිදී සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අනුරාධපුරය, මාතලේ සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකාරියන්.
එම සැකකාරියන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙහිවල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.