Gossips

මුලතිව් ළිඳකින් බෝම්බ මතුවෙයි (ඡායාරූප)

මුලතිව්,පුදුකුඩිඉරිප්පු,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ(18) සවස ඉතා විශාල ප්‍රමාණයේ කාලතුවක්කු උණ්ඩ දෙකක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ නාවික හමුදාවට ලද තොරතුරක් මත අදාළ ළිඳ පරීක්ෂා කිරීම සිදුකොට ඇති බවයි.
පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා නිළධාරීන් හා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිදෙන් ගොඩගත් බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය පැවසූවේ මුලතිව් ‍මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද(19) දිනයේදී ද අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

වවුනියාව – මාධව කුලසූරිය