Gossips

ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා.
සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රීඩා උපකරණ සහ උපාංග එම බද්දෙන් නිදහස් කිරීමට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර, කපා ඔප දමා ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරන මැණික් බද්දෙන් නිදහස් කිරීමටද සංශෝධනයක් ඉදිරිපත් කෙරුණා.
මීට අමතරව කෘෂිකර්මාන්තයට උසස් තාක්ෂණය ලබාගැනීමට අවශ්‍ය උපකරණ බද්දෙන් නිදහස් කිරීමට සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන බද්දෙන් නිදහස් කිරීමටද සංශෝධන ඉදිරිපත් කෙරුණා.
එසේම ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතද ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ සංශෝධන රහිතවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකර තිබූ හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති.
මේ අතර පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙසේ සිදුකළ යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.