Gossips

හම්බන්තොට බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට සහයක් නෑ – නාමල් රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට සූදානම් බවට එහි හිටපු නගරාධිපති, බෙලිඅත්ත නිදහස් පක්ෂ සංවිධායක එරාජ් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත්‍රී ආසන 09 ක් ලබාගනිිමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි මන්ත්‍රී ධුර 07 ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 04 ක් හිමිවුණා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතර බලයක් ලැබී නැහැ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දිනාගන්නා පුද්ගලයා ඡන්ද විමසීමකින් අනතුරුව තෝරා පත් කරගත යුතු අතර, ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකුගේ නමක් යෝජනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.