Gossips

විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවීමට යුද හමුදාපති සූදානම්

යුද හමුදා කඳවුරු සහ හමුදා සෙබළුන් අඩු කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව විපක්ෂය දැනුවත් කිරීමට යුද හමුදාපතිවරයා කැමැත්තෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.