Gossips

කුලියාපිටියේ පාසලක කුඩු බෙදූ මුරකරු අත්අඩංගුවට

පාසල් කාලය තුළ හෙරොයින් අලෙවි කරමින් සිටියදි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියා අද අත්අඩංගුවට ගැනුනා.
පොලීසිය සදහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් සිය භාරයට ගත් බවයි.
සැකකරු පහල ගල්පල – ඉලූක්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් උපාය දුතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළා.