Gossips

අග්නිදිග සරසවි සිසුන් ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයක් අරඹයි

තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු කොළඹ – ලිප්ටන් වටරවුම අසළ අද අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඔවුන් අද පස්වරුවේ කොළඹ – විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක්ද ආරම්භ කළ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය වෝඩ් පෙදෙස වසා දැමීමට පියවර ගත්තා.
ඒ සමඟ පොලීසිය සහ සිසුන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර, පසුව ඔවුන් පොලීසියෙන් ඉල්ලා සිටියේ තමන්ට විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවයි.
මේ අතර මාධ්‍යවේදියෙකු ලෙස එම ස්ථානයට පැමිණ සිටි පුද්ගලයෙකු සමඟ සිසුන් ගැටුමක් ඇති කරගත්තේ ඔහුගේ අනන්‍යතාව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන්.
පසුව විරෝධය හමුවේ ඔහු එම ස්ථානයෙන් නික්ම ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.