Gossips

පොලිස් කොස්තාපල්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ ලග්ගල වැල්ලෙවෙල ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලග්ගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
ඔහු රාජකාරිය නිම කර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවට දැනට පොලීසිය සැක කෙරෙනවා.
කෙසේ වෙතත්, මියගිය පොලිස් කොස්තාපල්වරයා වැටී සිටි ස්ථානයට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු පැමිණ ඇති අතර, එම අවස්ථාවේ අනතුර සිදුවූ ස්ථානයේ වෑන් රථයක් නතර කර තිබී ඇති බව සඳහන්.
එහිදී ප්‍රදේශවාසීන් එහි රියදුරාගෙන් කොස්තාපල්වරයා පිළිබඳව විමසන විට තමන් මෙම අනතුර සිදු නොකළ බවට සඳහන් කරමින් ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වෑන් රථයෙන් පලාගිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව මේ වනතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණ වී නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිදිරි පොලිස් කොස්තාපල්වරයෙක්.