Gossips

ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංග එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිව්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබු නියෝගය දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබෙනවා.
මේ අතර, එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සිය තැන්පත් කරුවන්ට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අවස්ථා රැසකදී වාර්තා වුණා.
මෙම ආයතනයේ රුපියල් බිලියන ගණනක් මුදල් තැන්පත් කළ ගනුදෙනු කරුවන් අවස්ථා ගණනාවකදී ඊ.ටී.අයි. ආයතනයේ ප්‍රධාන කාර්යාලයට පැමිණියේ තම තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින්.
නමුත් ඒ කිසිදු අවස්ථාවක තැන්පත්කරුවන්ට අදාල මුදල් ලබා දීමට ආයතන බළධාරීන් කටයුතු නොකළ අතරල මේ හේතුවෙන් උණුසුම් තත්ත්වයන් පවා ඇති වුණා.