Gossips

ස්ථාන මාරැ කිරිමේ සුදානමකට එරෙහිව අම්පාරේ විරෝධතාවයක් (ඡායාරූප)

අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරැ කිරිමට සුදානමක් ඇතිබව පවසමින් ඊට විරෝධය පාමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල සේවකයින් අද දින කලු පටි පැළද සේවයට වාර්තා කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට කලු කොඩි වලින් ද සරසා ඇති බවයි.
දේශපාලන අවශ්‍යතාවයන් ඉටු නොකිරීම නිසා දිසාපතිවරයා ඇතුලු අම්පාර නගරයේ රාජ්‍ය ආයතන කිපයකම ප්‍රධාන නිලයන් හොබවන පුද්ගලයින් ස්ථාන මාරැ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි රාජ්‍ය සේවකයින් චෝදනා කරන්නේ.

(ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල )