Gossips

පාසල් සිසුවිය කෙළෙසූ පෙම්වතා පොලිස් දැලේ

වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ – මනක්කුලම, වාලහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
අදාල සිසුවියගේ මව සහ පියා වෙනත් විවාහයන් සිදුකර ගැනීම හේතුවෙන් ඇය මිත්තණිය බාරයේ හැදී වැඩී ඇති බව සඳහන්.
පාසල් සිසුවිය සහ සැකකාර තරුණයා අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට කරුනු අනාවරණය වී ඇති අතර මිත්තණිය නිවසේ නොමැති අවස්ථා වලදී සැකකාර තරුණයා සිසුවියගේ නිවසට පැමිණි බවට හෙළිව තිබෙනවා.
ඒ පිළිබඳව දැනගත් මිත්තණිය දැරියගෙන් කළකරුණු විමසීමේදී සියලු තොරතුරු පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් මිත්තණිය සිසුවිය සමඟ මාදම්පේ පොලීසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාස 06 ක පමණ කාලයක් අදාල තරුණයා සහ තමන් මෙලස අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
දූෂණයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර තරුණයා අද (18) දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතයි.