ලෝකෙම අවධානය යොමුවූ හදිසියේ ඇතිවූ සුනාමි තත්වයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සුනාමි තත්වය ඇතිවී ඇත්තේ ස්පාඤ්ඤයේ Majorca and Menorca යන සංචාරක වෙරළ කලාපයටයි.
මුහුදු ජලයේ ඇතිවූ පීඩන තත්වයක බලපෑමක් ලෙස මෙම සුනාමිය හටගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඇතිවූ සුනාමි තත්වයෙන් රළ පහරට හසුවූ කුඩා ප්‍රමාණයේ අවන්හල් සහ සංචාරක කූඩාරම් ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් ස්ථානවලට රළ පහර අඩි 5 ක පමණ උසකින් පැමිණි බවයි සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම සුනාමි තත්වය හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.