එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
අද පෙරවරු 10.30 ට පමණ යාපනයේ පිහිටි උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණි එම කොට්ඨාශයේ නිලධාරීන් පැයක පමණ කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිල මෙහෙවර වැඩසටහනේ පසුගිය 2 වනදා යාපනයේ පැවති උත්සවයේදී හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මෙම ප්‍රකාශය සිදුකළා.
එම අවස්ථාවේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන එහි රැඳී සිටියා.
ඒ අනුව දැනටමත් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා තිබෙනවා.
අද ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඔහු සඳහන් කර තිබුණේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් තමන් සමඟ සුහදව සාකච්ඡා කළ බවයි.
කෙසේ වෙතත් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් උතුර පළාතේ පවතින අනාරක්ෂිත භාවය පිළිබඳව පැහැදිළි කර ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
එම ප්‍රකාශයට කිසියම් පියවරක් ගන්නේ නම් එය රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරිමට ඇති නිදහසට බාධාවක් වන බවද ඔහු නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, විජයකලා මහේෂ්වරන් මන්ත්රිවරියගේ මෙම ප්‍රකාශයට එරෙහිව අද විරෝධතාවක නිරතවී තිබුණා.
එමෙන්ම ඇඹිලිපිටිය නගරයේදීද අද විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා.