Gossips

මදර් තෙරේසා අනාථ නිවාස ගැන පරීක්ෂණයක්

මදර් තෙරේසා නමින් පවත්වාගෙන යන අනාථ නිවාස තුළ සිදුවන ළමයින් විකිණීමේ ජාවාරම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍යයක් වන ජර්කාන්ද් හි පිහිටි එවැනි අනාථ නිවාසයක කන්‍යා සොයුරියක් සහ තවත් සේවකයෙකු ළමයෙකු විකිණීමේ චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
නොබෙල් ත්‍යාගලාභී තෙරේසා මව්තුමිය විසින් 1950 වසරේදී ආරම්භ කළ මෙම අනාථ නිවාස ඉන්දියාව පුරා පැතිරී තිබෙනවා.