Gossips

ප්‍රංශ කණ්ඩායමට මව් රටින් උණුසුම් පිළිගැනීමක්

මෙවර ලෝක පාපන්දු කුසලානය දිනා ඊයේ සිය රට පැමිණි ප්‍රංශ පාපන්දු කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.
මොස්කව් නුවර සිට විශේෂ ගුවන් යානයකින් පැමිණි ඔවුන් පිළිගැනීමට ශාල් ද ගෝලෝ ගුවන් තොටුපල සහ මග දෙපස දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා.
ඔවුන් පැරිස් අගනුවරට විවෘත බස් රථයක නැගී පැමිණියේ විශේෂ රථ පෙළපාලියකින්.
මග දෙපස මෙන්ම පැරිස් නුවර රැඳී සිටි ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා.
එරට ගුවන් හමුදාව ජගත් පාපන්දු ශූරයන්ට උපහාර පිදුවේ ප්‍රංශ ධජය ගුවනේ සිතුවම් කරමින්.
අනතුරුව එරට ජනාධිපතිවරයා හමුවූ පාපන්දු කණ්ඩායමට ඔහු උපහාර පුද කළේ එරට පුරවැසියෙකුට හිමිවන ඉහළම ගෞරව සම්මානය ලබාදෙමින්.
මේ අතර ඊයේ සිය රට පැමිණි අනුශූරතාව දිනාගත් ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායමටද එරට වැසියන් උණුසුම් අයුරින් පිළිගත්තා.
කණ්ඩායමේ ක්‍රීඩකයන් එහිදී තරගාවලිය පුරා තමන්ට ශක්තියක් වූ ක්‍රීඩාලෝලීන්ට ස්තූතිය පළ කිරිමටද අමතක කළේ නැහැ.