Gossips

ගිනි පෙට්ටි කර්මාන්තකරුවන්ගේ විරෝධතාව අවසන්

ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සති දෙකක් ඇතුළත කර්මාන්තකරුවන්ට ලබාදෙන බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දීමත් සමඟ මහනුවර නගරයේ අද පැවැත්වූ විරෝධතාව අවසන් කිරීමට ගිනිපෙට්ටි නිෂ්පාදකයන් සහ සේවකයන් තීරණය කළා.
අදාළ අමුද්‍රව්‍ය නොමැති බව පවසමින් ඔවුන් මහනුවර නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයේ නිරතවුණේ මාර්ගයද අවහිර කරමින්.
අනතුරුව විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට සිය ගැටළු සහිත සංදේශයක් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීමට අවස්ථාව හිමිවුණා.
පසුව ඔවුන් හමුවු මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති ඞී.ආර්.එල්.රණවීර විරෝධතාකරුවන්ට කියා සිටියේ සති දෙකක කාලයක් තුල විසදුම් ලබා දෙන බවට ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.
මේ අතර බවුසර් මගින් ජලය ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ තිස්සමහාරාම බෝගහපැලැස්ස ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට විසඳුම් ඉල්ලා අද පැවති විරෝධතාව අවසන් කෙරුණා.
විරෝධතාව හේතුවෙන් තිස්සමහාරාම – කතරගම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවුණා.