Gossips

වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගන්න දැරිය

රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගැනීමට සිදුව තිබෙන දැරියක් පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිතුමි අරලියා නම් මෙම දැරිය උපත ලබන්නේ 2008 වසරේදීයි.
උපත ලබන අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවත් දින කිහිපයක් ගත වද්දී ඇයගේ කිසියම් රෝගී තත්ත්වයක් ඇගේ මව හදුනා ගන්නවා.
ඒ, මව්කිරි බීමෙන් පසු දරුවාගේ උදරය පිම්බී අස්වාභාවික ලෙස මළපහ පිටවීමයි.