Gossips

දැඩි දඩුවම් ලබාදීමෙන් හෝ අපරාධ මර්දනය කළ යුතුයි – ඇමති සාගල රත්නායක

දැඩිදඬුවම් ලබාදීම මගින් හෝ මත්ද‍්‍රව්‍ය ජාවාරම ඇතුලු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.
වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් අපරාධ මර්දනයට වත්මන් රජය විශේෂ අවදානයක් යොමුකර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා සුක්ෂම වන බැවින් අපරාධ වැලැක්වීමට සහ පාලනයට විදෙස් රටවල මෙන් දැඩි දඩුවම් ක්‍රමවේද හෝ අනුගමනය කළ යුතු බව සාගල රත්නායක කියාසිටියා.