Gossips

උතුරු කොරියානු නායකයා ගැන විශ්ලේෂකයන් වෙනස් මතයක

උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඉදිකිරීම් සිදුවන විදුලි බලාගාරයක සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදී, එහි සේවයේ් නිරත නිලධාරීන් පිරිසකට දෝෂාරෝපණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ බලාගාරය කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කරමිනුයි ඔහු නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇත්තේ.
උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවි පසෙක තබා ආර්ථික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර ඇති බව මෙමඟින් පැහැදිළි වන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.