Gossips

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට සිරදඬුවම්

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල්ට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
ඒ සැකකරු අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම රුපියල් 30,000 ක ද වන්දි මුදලක් ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.
ඇඹිලිපිටිය – දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සැකකාර සභාපතිවරයා පහරදී තිබුණේ 2013 වසරේ මැයි මස 27 වැනිදායි.